5

ගැලරියේ ගාලු සංචාරය – 2014

“හුටා! හෙට උදෙන් ම නැගින්නත් ඕන නේ“ යැයි සිතමින් මා පෙර දින යහනට පැන්නත් මට නම් නිදි දෙව්දුව ගෙන් කිසිදු ආයචනය තිබුනේ නැත. හෙට දින උදාවවන තුරු මා සිටියේ නොඉවසිල්ලෙනි. කෙසේ හෝ මට නින්ද ගොස් තිබිනි. රමීෂා සහ සනෝ අක්කලාගේ දුරකතන ඇමතුම් සමඟ පිබිදුන මා 5.45ට පමණ මාතර  දුම්රිය ස්ථානයට ළඟා වීමි. රුහුණු කුමාරි දුම්රියෙන් අපි ගාල්ලෙන් බසිනවිට වෙලාව 7ට ආසන්න වී තිබින. චතුරුකත් අප සමඟ සිටි බැවින් අප කතා කරගත් පරිදි The Art Galleryයෙහි අනෙක් සාමාජිකයන් සිටින ගාල්ලේ උසාවිය ළඟට ගියේ Google Maps වල අධාරයෙනි.

අප එතනට යන විට සෑමදෙනාම ඇවිත් තිබිණ. ඔවුන් අපිව නෝණ්ඩි කරේ ළඟ ඉඳලත් ආවේ ඔවුන්  පැමිණියාට පෙර බැවිනි. උදේ පාන්දර ටීචර් රෙජිස්ටරය ලකුණු කරන්නා සේ කවීනා අක්කා අපගේ පැමිණීම ලකුණු කර ගත්තාය. පසුව සජිත් අයියාගේ හා දිලීප අයියාගේ කතාවලින් පසු අපි සියලු දෙනා දෙපිළකට බෙදී ගියේ දඩයම් කරුවන් රැළක් අවි සමඟ දඩයමේ යන්නාක් මෙනි.

_MG_2432උදෑසන හිරු එළිය ගාලු පුරවරයට වැටී තිබුනේ අපගේ ගමනට ආශිර්වාද කරන්නාක් මෙනි. ගාලු අධිකරණය අසල ඇති මහා රුක් අතරින් වැටෙන ළා හිරු එළියේ තිබුනේ කියාගන්නට බැරි සුන්දරත්වයකි. බැලු බැලු හැමතැනම පින්තූරයක් ගත හැකි පරිසරයකි.  අපගේ කැමරා නැමති අවි අමෝරා ගනිමින් පින්තූර දඩයමේ යන්නට පටන් ගතිමු._MG_2896

“ඔයා පින්තූර ගන්නෙ කුඩෙන්ද?“ සජිත් අයියා රමීෂා අක්කාගෙන් ඇසුවේ ඈ අත කැමරාවක් නොතිබුන හෙයිනි. “ආ මේකෙන් ගන්න!“ කියා හේ ඇයට තම කැමරාව දුන්නෙ නිර්ලෝභිවය. මං හිතුවට වඩා සජිත් අයියා වෙනස් පුද්ගලයෙකි. මා ඔහුව හඳුනාගෙන සිටියේ කොල සහ තැඹිලි ඔහුගේ profile picture thumbnail එකෙන් හා ගැලරියේ පින්තූර වලට දමන ලද comment වලිනි. මා සිතුවේ ඔහු පණඩිතයෙක් කියා ය. 😛 නමුත් එය හාත්පසින්ම වෙනස් ය. 😉 සජිත් අයියා, චතුරුක, බිනර අයියා, සනෝජා අක්කා, රාහුල් හා තවත් කීප දෙනෙක් අප සමඟ සිටියහ. ඔවුන්ගේ නම් දන්නේ නැත්තේ ගැලරිය සමඟ මා වැඩි සබඳතාවක් නැති නිසාය. නමුත් මෙම ගමනත් සමඟ එය වෙනස් විය._MG_2495

_MG_2442නේක නේක වීදි සංචාරය කරමින් නෙතේ ගැටෙන දෑ කලාත්මක ලෙස රාමුවකට ගන්නට අප සැමටම අති සාර්ථක ලෙස පුළුවන් විය. ඒ අතර තුර මා හට විවිධ අයියලාගෙන් ගොඩාක් දෑ ඉගෙන ගැනීමට හැකිවීම ගැන මා හද තුළ ඇත්තේ කෘතඥතාවයකි. ප්‍රධාන වශයෙන් බිනර අයියාගෙන් හොඳ උපදෙස් ටිකක් ලැබුනි. 

කැමරාව ගත්තාට පස්සේ හිතට දැනනෙ ලෙස පින්තූර ගත්තේ මං එදාය. _MG_2823Street Photography වලට අමතරව සනෝජා අක්කාගේ model shoot එකක්ද මට කරගත හැකි වීම ගැන හිතනකොට දැනෙන්නෙ ලොකු ආඩම්බරයක්. 😛 😛 😛

පැය ගණනක ඡායාරූප දඩයමෙන් පසු අපි දෙපිළ එක් වූයේ ගාලු කොටුවේ ඔරලෝසු කණුව ළඟදී ය. එතනදීම අපගේ සමූහ ඡායාරූපය ගත්තේ අව්වේ කර වෙමිනි.

දිවා ආහාරය සඳහා උණවටුනට ගිය අපි දිවා ආහාරයෙන් අනතුරුව අප ආසන සකස් කරමින් දේශනා ඇසීමට සූදානම් උනෙමු. (දේශන නෙවෙයි සුපිරි වචන ටික 🙂 )

_MG_2872 අමිල අයියා Candid Photography පිළිබඳව සුපිරි වදන් වැලක් අප හමුවේ තැබීය. එයින් මා මෙන්ම හැමෝම ගොඩක් දෑ ඉගෙනගත්තා යැයි සිතමු. ඉන් පසු සජිත් අයියාද Wild Life Photography සම්බන්ධයෙන් වචන කීපයක් කතා කලේ යාලෙ යන්නද යෝජනාවක් ඉදිරිපත් කරමිනි.

මේ දේශන අතරතුර මැදින් පැන දිලීෂ අයියා එතන සිටි සියල්ලම හිනස්සවීමට සමත්වීය. 😀 ඇත්තටම ඔහුත් මා හිතුවාට වඩා ආතල් පොරකි 😉 ඔහුද හිතට වදින වදන් පෙළක් අප හා විදහා දැක්වූයේ ය. ඉන් පසු සමීර අයියාද වචන කීපයක් කතා කලේය. ඔහුගෙන් ලැබුන Toblerones වලට මෙහිදී නැවත Thanks කරමි.

මේ අතර හොඳම කැපවීම වෙනුවෙන් බුද්ධික අයියාට Art Gallery කැප් එකක් ලැබුනි. එයා එක්ක කරට කර තරඟ කලේ වෙන කවුරුවත් නොවේ අපේ සනෝජා අක්කා බවද සජිත් අයියා කීවේ ය. _MG_2874

කතා වලින් අනතුරුව කට්ටිය සෙට් උනේ නාන්න. නාන්න මෙන්ම ******. කොටු කොටු. එත් මායි සමීර අයියායි, බුද්ධික අයියයි, සනෝ සහ රමිෂා අක්කලා එක්ක උනවටුණ වෙරළ තීරයට ගියේ තවත් පින්තූර ටිකක් ගන්නයි._MG_3065 එතනට රැල්ල ගහන්නෙ අම්මටසිරිවෙන්න. ඉතින් Slow Shutter Shots ටිකක් ගන්න පුළුවන් උනා tripods තිබුන නිසා. සමීර අයියගෙ Filters ගොඩක් ප්‍රයෝජනවත් වුනා. නැවත වරක් ස්තූතිවන්ත වෙමි.

හිරු අවරට යත්ම අපිට යන්න හදිසි උනේ ගෙවල් වලින් එන ලද දුරකතන ඇමතුම් නිසාය. සැඳැ අඳුර වැටෙද්දී අපි යන්නට ලක ලෑස්ති උනෙමු. සමුදෙන විට චතුරුකගේ හැසිරීම ඉතාමත් ආතල් විය. ඇත්තටම මා මෙහිදී චතුරුකට ඉතාමත් කෘතඥ වන්නේ මෙවන් දෙයක් කිරීමට මුල් වීම සම්බන්දයෙනි. කෙසේහෝ නැවතත් Google Maps වලට පිං දෙමින් උණවටුනෙන් ගාලු පාරට ගිහින් අපි මාතර බසයකින් තම නිවස් බලා පැමිණියේ  ඉතාමත් සතුටිනි.

_MG_3176P. S – තාම පින්තූර ටික edit කොරගන්න වෙලාවක් ලැබුනේ නෑ. ඒකයි original ටිකක් මෙතනට එබුවෙ.

සමහරුන්ගෙ නම් ලියන්න බැරිවුන එකට සොරි වෙන්න ඕන මට එකපාරට මතක් වෙන්නෑ. කලබලෙන් ලිව්වේ

Advertisements
6

වල්

සිත් තුළ මතුවෙන වදන් පෙළ බ්ලොගයට ඔබා ගන්නවාදැයි නැද්දැයි පිළිබඳ සිතුවිලි වල සටනක් පසුදින රාත්‍රීයේ සිට තිබින. කෙසේ වුවත් අවසානයේ එය බ්ලොගයේ කෙටීමට මා තීරණය කළෙමි.

ඒ අන් කිසිවක් නොව වල් ගැන කතා කිරීමටය. වල් කියන වචනය තේරුම කුමක්දැයි බැලුවහොත් එය අදහස් කීපයක් ඇති බහු අර්ථ පදයකි. වනය, හීලෑ නොවූ සහ නැහැදිච්ච යන්නයි. එම නිසා මෙය උපසර්ගයක් වශයෙන් හෙළ බසේ යෙදේ. ඒ අනුව,

වල් වැදිලා, වල් අලියා, වල් ඌරා, වල් කොහොඹ, වල් කොල්ලා, වල් කෙල්ලා වැනි වශයෙන් මෙම වචනය දැනට ජන වහර තුළ බාවිතා වේ.

වල් අලියා වල් ඌරා ලෙස භාවිතා වෙන්නේ එම සතුන් හීලෑ සතුන් නොවෙන බැවුනි. නමුත් වල් කොල්ලා යනු හීලෑ නොවන කොල්ලෙක් නොවේ. ඔහු නැහැදිච්ච කොල්ලෙකි

සාමාන්‍ය කොල්ලෙක් ගතහොත් වයස අවුරුදු 14+ තමන්ට තම විරුද්ධ පාර්ශවය කෙරෙහි එක් එක් ආසාවන් පහළවේ. ඔවුන් දෙස බැලීමට, ඔවුන් ඇසුරු කිරීමට සිතේ. එය මනුෂ්‍ය ශරීරය තුළ ඇති සාමාන්‍ය හැඟීමය. ඒ ඔහුගේ නැහැදිච්ච කියා කියනවා නම් එය කියන්නාට එසේ හැඟීම් පහළනොවෙනවා විය හැක. මෙය අනිත් පාර්ශවයටද පොදු සිද්ධාන්තයකි.

නමුත් වල් කමේ යාම යනු වෙනත් අදහසකි. තම විරුද්ධ පාර්ශවයේ අය සමඟ සරාගීව හැසිරෙමින් සහ තවත් අයට සරාගීකම පෑම වල්කම ලෙස හැඳින්විය හැක. එවන් කොල්ලෙක්ට වල් කොල්ලෙක් යැයි කිවහැකි මෙන්ම එවන් කෙල්ලෙක්ට වල් කෙල්ලෙක් යැයි කිව හැක.

9

HND Trip to Lenabatuwa

ට්‍රිප් එකක් යන්න හැමෝගෙම ආසාව තිබුනත් කොහේ යන්නද මොකක් කරන්නද
කියල කාගෙවත් ළඟ idea එකක් තිබුනෙ නෑ. එත් මෙතයි නදීෂ් අයියයි
නිකං ඉන්න ගමන් පොඩි ගමනක් යන්න plan කොරල තිබුනා. ‍එත් මේක
යන්න හිටියෙ මීට සති දෙකකට විතර කලින් එක එක scene නිසා වැ‍ඩේ මඟ
ඇරනා. තව පොඩ්ඩෙන් එදා යන්න වෙන්නෙත් නෑ සනෝජා අක්කා ආවෙ
නැත්නම්. වැඩි කතා වැඩක් නෑ.

අපි එදා උදේ පාන්දර 8 ට්‍රිප් එක යං කියල සෙට් වෙලා හිටියෙ. දමිත් සර් කිවුවා
මට යසාරා අක්කලයි ගෙදර ළඟ පාරට එන්නෙයි කියල සර් ආවා සයුරි අක්කත්
එක්ක 8.10ට විතර එතනට. අපිව දාගෙන වෑන් එකෙන් ගියේ ශාන්ව ගන්න
Esoft එක ළඟට. අඹසෙවනින් පාන් ගන්න හිටියෙ. මළ කෙලියයි
අඹසෙවන වහලා. එතකොට මෙතා බයික් එකකින් එනවා ‍horn කරගෙන.
දමිත් සර් ඌට ආතල් එකක් දෙන්න ඕනි කියල හයියෙන් ගියා. 😀 Continue reading

6

Review of Team|RCMweb and RahulaTV

TeamRCMweb LogoRahulaTV

Iroshan Kulatunga – Chairman

Iroshan

Iroshan is one of senior member of  Team|RCMweb and RahulaTV. He’s like a chairman. Because he’s very calm. When he is on a problem, he takes some time to think of a solution and do it creatively and most suitably. Iroshan is well talented in creative designing and web developing. He is self-confident as well. Nevertheless he is strong sense of purpose, seeks ideas. The weakness are he is always stuck with his personal works, time management is zero. Continue reading

1

අතීතය ආවර්ජනයක්

අවසාන මොහොතට දින ළං වේ. උසස් පෙළ ප්‍රථිපල 30 වෙනිදා එන බව ආරංචි වීමෙන් මගේ හද මඬල කම්පා වූයේ නැත. ඒ මට ප්‍රථිපළය ගැන බලාපොරොත්තුවක් ඇති නිසා නොව මා උසස් පෙළ කිසී සේත් ම සැළකීමක් දැක්වූ නැති බැවිනි. මට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට කිසිදු ආසාවක් හෝ උනන්දුවක් තිබුනේ නැත. එයට හේතුව කුමක් දැයි හරියටම පැවැසිය නො‍හැක. Continue reading

0

සිංහල-මුස්ලිම් අරගලය

මේ දවස් වල බුකියේ කස්ටිය වැඩිපුරම කතා කරන මාතෘකාවක් තමයි, මුස්ලිම් උං ගැන, උං කරන බලු වැඩ ගැන/හලාල් ගැන. එක එක සමාගම් හලාල් වෙලාලු ආයෙත් නැතිලු. හලාල් ඒවා ගන්න එපාලු.  ඇත්තටම වෙලාවකට මට එපා වෙනවා මේවා දැකලම. මටත් මුස්ලිම් යාළුවො ඉන්නවා. ඒත් මට උංගෙන් කිසි වැරැද්දක් දැනට වෙලා නෑ. ඒත් ඉතින් මුස්ලිම් නේ.  මං ජාති‍වාද, ආගම්වාද අවුස්න්න කැමතිම නෑ. නමුත් මට මට හිතෙන දේත් කියන්න ඕන. Continue reading

9

maxxa fun of චාටර් sports day

අපේ sports day එක ගැන ලියන්න හිතුනත්, එක එක වැඩ නිසා ඒක ගැන ලියන්න බැරි උනා. ඒත් ඊයෙ ගාල්ලෙ ගිහින් ආව වෙලාවෙ ඉඳන් ලියන්නමයි හිතුනෙ. hikz 😛

sports day එක නම් ඇත්තටම මෙලෝ රහක් නෑ. ගාල්ලෙ උං ආගන්තුක සත්කාර දන්නෙම නෑ. ඒත් ලස්සනට කරල තිබුනා. ‍නරක වගේම හොඳත් කියන්න එපැයි, 😉 ගොඩක් මහන්සි වෙලා තිබුනා decorations වලට. ඒත් අපිට ගහල තිබුන hut එකට අව්වයි B-) Continue reading

1

Get Together fun!

A/L ඉවර වෙලා results එන්නත් කලින් අපි හිතුවා get together එකක් කරන්න. මොකද අපේ කොල්ලො දැනටත් එක එක තැන්වල. එකතු කරගන්න හරි අමාරුයි. section එකේ හාරසිය ගානක් හිටියා. ඒත් අවේ 200ක් විතර. හ්ම්… get together එකත් නියමෙට කෙරුනා.  ටිකට් Rs. 500 උනාට 1000ක විතර දේවල් කලා. ඇන්ඩ්‍රි අයියගේ DJ එක නියමෙට නැගල ගියා. Continue reading